ශ්‍රී ලංකා වෙළඳ පලේ ඉදිරියෙන්ම සිටින ප්‍රමුඛතම ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ වල මිල ස්ථාවරව තබ‍ා ගැනීම සදහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැදගත්  භූමිකාවක් දරයි.

පුද්ගලික අංශයේ සැපයුම් කරුවන් අතර පවතින අධික තරඟය නිසා භාණ්ඩ වල තත්වය අමතක  කර මිල තීරණය කිරීම නිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තවමත් විශ්වාසය තැබිය හැකි ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරු බව ‍බොහෝ නිවාස හිමියෝ විශ්වාස කරති.

උපද්‍රව හා ‍ෙවනත් නිසා විනාශ වූ ප්‍රදේශ යලි ගොඩනැගීමටත් වෙනත් යටිතල පහසුකම්  සංවර්ධනය සඳහාත් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමට අප සංස්ථාව  එක හෙළා සම්බන්ධ වී සිටී.

විශාල පරාසයක පාරිභෝගිකයන් ගේ ඉහළ යන ගොඩනැගිලි ද්‍රව්‍ය ඉල්ලුම සැපිරීම සඳහාත් වඩා හොඳ තත්වයේ පාරිභෝගික සේවාවන් සමග ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සැපයීමට  සංස්ථාව ක්‍රියාත්මක මෙහෙවරක නියලී සිටී.

Contact Us